• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවල යෙදීමේදී තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම ප්‍රකාශයට පත් කිරීම
- ලෝක තහනම් උත්තේජක ද්‍රව්‍යයන් පිළිබඳ නීති සංග්‍රහය ප්‍රකාරව ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම ඇතුළත් ලැයිස්තුව -2017 ප්‍රකාශයට පත් කරමින් 2013 අංක 33 දරන, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට ‍එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ තමා විසින් සාදන ලද, 2006/15 අංක දරන 2017‑02‑14 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, 2016 අංක 2 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.