• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම
- මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වන බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය, මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ද යොදාගනු ලැබේ. මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම කාලීන අවශ්‍යතාවක් බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සඳහා මීටර 400ක දිගකින් යුත් කෘත්‍රිම ධාවන පථයක් අලුතින් ඉදි කිරීමටත්, ඒ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.