• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම
- වර්තමානයේදී නිරන්තරයෙන් සිදුවන දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගැනීමේදී තිරසර කෘෂි ආර්ථිකයක් බිහි කිරීම සඳහා දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී ගොස් ඇත. එහිදී අත්හැර දමා ඇති කුඹුරු සංවර්ධනය කර යළි වගා කිරීම වැදගත් වේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක ඇතුළත් මෙරට පහතරට තෙත් කලාපය තුළ හෙක්ටයාර 26,122ක පමණ පුරන් කුඹුරු ප්‍රමාණයක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබ ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙවර යල කන්නයේදී එකී භූමි ප්‍රමාණය තුළ වී, එළවළු හා අල භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඇළ වේලි, ජලවහන පද්ධතිය, භූමිය සකස් කිරීම යනාදී කටයුතු සිදු කරමින් පුරන් කුඹුරු හෙක්ටයාර 17,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, හෙක්ටයාර 17,000ක් හා වගා නොකළ ගොවිබිම් හෙක්ටයාර 9,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන් පෙලඹවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.