• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට, වාර්ෂිකව පාසල් හැර යන ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් ප්‍රමාණය 17,500ක් පමණ වන නමුත්, එම දිස්ත්‍රික්කයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා බඳවාගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව සිසුන් 7,300ක් පමණක් වේ. ඒ අතුරින්, වෘත්තීය පුහුණු අධිකාරිය සතු පුහුණු මධ්‍යස්ථාන සඳහා බඳවාගත හැක්කේ සිසුන් 960ක පමණ සංඛ්‍යාවකි. නිපුණ ශිල්පීන් සඳහා ශ්‍රම වෙළඳපොළේ ඇති ඉල්ලුම සැලකිල්ලට ගැනීමේදී වෘත්තීය පුහුණු අධිකාරිය සතු නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටුවීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.