• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන
- 2020 වර්ෂය වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින්, සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016-04-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙමඟින් කැලණිය, යාපනය හා රුහුණ හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාල 04හි මහාචාර්යවරුන් සිව්දෙනෙකු හා ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි (NIFS) මහාචාර්යවරයෙකුගේ සෘජු මැදිහත් වීම යටතේ තරුණ පිරිස් පුහුණු කිරීම සහ ව්‍යාපෘතිය හා අදාළ අනෙකුත් කාර්යයන් සිදු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ, රසායානික ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 80ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.