• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 මැයි මස ඇති වූ ගංවතුර හා නායයාමේ සිද්ධියට අදාළ පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් වාර්තාව
- 2016 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වසර 18කින් පසුව වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ඇද හැළුණු අතර, ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක දරුණු ගංවතුර තත්ත්වයක් මෙන්ම මෙතෙක් වාර්තා වූ දරුණුතම නායයාම ද ඇතුළත්ව නායයාම් ගණනාවක් ඇති විය. මෙම ආපදා හේතුවෙන් පුද්ගලයින් 493,319 දෙනෙකු පමණ විපතට පත්වූ අතර, මරණ 93ක්, තුවාල සිදුවීම් 33ක් සහ පුද්ගල අතුරුදහන්වීම් 117ක් වාර්තා විය. ඉහත ආපදා තත්ත්වයන්ගෙන් අනතුරුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය යන ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහ අදාළ අමාත්‍යාංශවල සහයෝගය ඇතිව පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමක් (Post -Disaster Needs Assessment) සිදු කරනු ලැබ ඇත. එම තක්සේරුව මඟින් පෙර සූදානම් කටයුතු ශක්තිමත් කිරීමටත්, ආපදා හා කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වය අවම කිරීමටත් දීර්ඝකාලීන සැලැස්මක් යෝජනා කර තිබේ. ඒ අනුව, එම පශ්චාත් ආපදා තක්සේරුකරණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා පුළුල් ක්‍රියාකාරී වැඩසටහනක් 2018 ‑ 2023 පස් අවුරුදු කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.