• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයට අයත් ආයතන වෙත පොදු කටයුතු සඳහා දුම්රිය රක්ෂිත බදු ලබා දීම
- දුම්රිය මෙහෙයුම් හා සංවර්ධන කටයුතු සඳහා වහාම අවශ්‍ය නොවන, දුම්රිය දෙපාර්තමේන්තුව භාරයේ පවතින ඉඩම් ස්වකීය අවශ්‍යතාවන්ට පසුව ලබාගැනීමට බාධාවක් නොවන පරිදි, රජයේ තක්සේරුව මත පදනම්ව, වර්ෂ පහකට (05) නොවැඩි කාලයක් සඳහා තුන්වන පාර්ශ්ව වෙත බදු දීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහිදී එවැනි ඉඩම්, ජල නළ එළීම හා විදුලි ව්‍යාපෘති කටයුතු වැනි මහජන උපයෝගි පොදු කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන වෙත බදු ලබා දීමේදී, රජයේ තක්සේරුව අනුව එක්වරක් පමණක් අය කිරීම සඳහා නියම කරනු ලබන බදු මුදලින් 1%ක නාමික අගයක් හා අදාළ පරිපාලන වියදම් පමණක් අය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.