• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යවසාය සංවර්ධනය පදනම් කරගත් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- ගැටුම් අවසන් වීමත් සමඟ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සමාජ - ආර්ථික තත්ත්වයන් සැලකිය යුතු අන්දමින් වර්ධනය වී ඇති නමුත්, ආදායම් ලැබීමේ අසමානතාව හා දරිද්‍රතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම පළාත්වල දක්නට ලැබෙන තත්ත්වය අනෙකුත් පළාත්වලට සාපේක්ෂව පසුගාමී වේ. එබැවින්, කුඩා ව්‍යවසායකයින්ට නැඟී සිටීමට අත දීම මඟින් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ජනතාවගේ ආර්ථික සහභාගිත්ව අවස්ථා වැඩි පුළුල් කිරීමටත්, එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සණස බැංකු සමූහය සහභාගි කරගනිමින්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක අටම (08) නියෝජනය වන පරිදි තෝරා ගනු ලබන කුඩා පරිමාණ ව්‍යවසායකයින් 1,785 දෙනෙකු සඳහා රුපියල් 250,000/-ක උපරිම සීමාවක් දක්වා සහන ණය මුදල් ලබා දීමේ අරමුණින් සැලසුම් කරනු ලැබ ඇති 'ව්‍යවසාය පදනම්ගත ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය', ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.