• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
- ජාන වෙනස් කිරීමට ලක් කරන ලද පැළෑටි හා ජීවීන්ගෙන් පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම අවම කිරීමේ හා මඟ හරවා ගැනීමේ අරමුණින් ජෛව සුරක්ෂිතතාව පිළිබඳ 'කාර්ටිජිනා සන්ධානය' (Cartagena Protocol on Biosafety) ලෝක ප්‍රජාව විසින් පිහිටුවා ගනු ලැබ ඇති අතර, ශ්‍රී ලංකාවද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙක් වේ. ජෛව තාක්ෂණයෙන් මානව සෞඛ්‍ය‍යට හා පරිසරයට ඇතිවිය හැකි අවදානම අවම කරගන්නා අතරම, එමඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත් කරගැනීම අරමුණු කරගනිමින් 'ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව' (National Biosafety Framework) ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක්, ගෝලීය පාරිසරික පහසුකම (Global Environmental Facility - GEF) විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2.36ක මූල්‍ය ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.