• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017‑02‑19 දින, කළුතර, කටුකුරුන්ද ප්‍රදේශය ආසන්න මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් වන්දි ලබා දීම
- 2017‑02‑19 දින, ආගමික කටයුත්තක් සඳහා ධීවර බෝට්ටු කිහිපයකින් බේරුවල සිට කළුතර දක්වා මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී, කළුතර, කටුකුරුන්ද ප්‍රදේශය ආසන්න මුහුදේදී එක් බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් 100,000/-ක් බැගින් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 20,000/- බැගින් වන්දි පිරිනැමීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.