• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීම
- නුවර හා ගාල්ල නගරවල උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් සපයනු ලැබ ඇත. එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් ගාල්ල ප්‍රදේශයේ මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීමට නියමිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් 844,907,205.00ක වැට් රහිත මුදලකට සී/ස බිස්නස් ප්‍රමෝටර්ස් ඇන්ඩ් පාර්ට්නර්ස් ඉංජිනියරින් (පෞද්.) සමාගම [M/s Business Promoters & Partners Engineering (Pvt.) Ltd.] වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.