• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
- දහසක පමණ ශිෂ්‍ය පිරිසක් ඉගෙනුම ලබන පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය, මධ්‍යම පළාතේ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත්, වසර 100ක් පමණ පැරණි දෙමළ මාධ්‍ය පාසලකි. එම ප්‍රදේශයේ පිහිටි පාසල් අතුරින්, අධ්‍යාපන කටයුතුවල නිරත වතුකරයේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සහිත පාසලක් ලෙස දියුණු කළ හැකි විභවතාවක් සහිත පෝෂිත පාසල් කිහිපයකම කේන්ද්‍රීය පාසලද එය වේ. ඒ අනුව, දැයේ දූදරුවන්ට සම අධ්‍යාපනික අවස්ථා ලබා දීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන සුවිශේෂ පියවරක් ලෙස, පියවරක් ලෙස ඉන්දියානු රජයේ අනුග්‍රහය යටතේ මෙම විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ඉන්දීය ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමටත්, එකී යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.