• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් බලගැන්වීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව යන ආයතන මැදිහත් වෙමින් ක්‍රියා කළද, කාන්තාවන්ට එරෙහිව වැඩිවෙමින් පවතින ප්‍රචණ්ඩ සිද්ධීන්ට ක්‍රියාකාරී ලෙස මැදිහත්ව විමර්ශනය කිරීමට හා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලයක් මෙම ආයතන සතුව නොමැත. ඒ අනුව, කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW) මඟින් රජය වෙත පැවරී ඇති වගකීම සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කිරීම සඳහා 'ජාතික කාන්තා කොමිෂන් සභාවක්' පිහිටුවීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.