• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- ඉදි කිරීම් ව්‍යාපෘතීන්හි උපරිම ඵලදායිතාව ලබාගැනීම සඳහා පුහුණුව ලත් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් විසින් ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ ඵලදායී අයුරින් ක්‍රියාත්මක කරවීම අවශ්‍ය වේ. 1982 වසරේදී අනුරාධපු‍රයේ, ගල්කුලම ප්‍රදේශයේ පිහිටුවනු ලැබ ඇති, ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය, ඉදි කිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය මිනිස් බලය සපයනු ලබන ප්‍රමුඛතම ආයතනයකි. දේශීය ඉදි කිරීම් කර්මාන්තයේ තිරසර වර්ධනයත්, දේශීය හා විදේශීය ඉදි කිරීම් කර්මාන්තයේ නැඟී එන පුහුණු මිනිස් බල අවශ්‍යතාව සපුරාලීමත් සඳහා එම ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම් සවිස්තර සැලැස්මක් යටතේ හඳුනාගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.