• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන - (රැඳවූවන්ගේ අයිතිවාසිකම් - නීතීඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)
- පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු‍ෙවකුගේ අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමේ කාර්යය සඳහා 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට 2017-01-10 දින පැවැති සිය රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා‍ දෙනු ලැබ ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති, නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දෙනු ලැබ ඇති, 'අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත' ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය(ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.