• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර ප්‍රජාව සඳහා ජීවනෝපාය සංවර්ධන හා දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- වෙරළබඩ හා මිරිදිය ධීවර ක්ෂේත්‍රයන්හි නියුතු ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම පිණිස ජීවනෝපාය සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 1,200ක ප්‍රතිපාදන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති 30ක්, එම ප්‍රතිපාදන උපයෝගි කරගනිමින්, පෞද්ගලික අංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.