• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම, පිටිපන, මාහේනවත්ත ඉඩමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් ලබා දීම
- විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවා ලීම සඳහා සහ ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 34ක පමණ ඉඩම් අත්පත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබ ඇත. එම ඉඩම්වලින් අක්කර 46ක පමණ වපසරියකින් යුත් ඉඩම් කො‍ටස්, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබන වටිනාකම ගෙවීමට යටත්ව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතන වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.