• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් ලබා දීම
- ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදි කිරීම සඳහා, නාගරික සංවර්ධන අධිකාරිය සතු, රත්නපුර, නව නගරයෙහි පිහිටි ෆාම් ගාඩ්න් වත්ත නමැති ඉ‍ඩමෙන් රූඩ් 01 පර්චස් 29ක ඉඩම් කොටසක්, රත්නපුර ප්‍රාදේශීය ලේකම් මඟින් ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.