• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් සඳහා වන යුරෝ- නිෂ්කාශන ක්‍රමය (Euro - clearing)
- විදේශීය ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳ පොළ පහසුකම් ඉහළ නැංවීම අවශ්‍ය වේ. රජයේ සුරැකුම්පත් විදේශ ආයෝජකයන් අතර ජනප්‍රිය කරවීමටත්, ගනුදෙනුවල සංකීර්ණත්වය අඩු කිරීමටත්, පිරිවැය අවම කිරීමටත් විවෘත සහ නම්‍යශීලී පහසුකමක් ලෙස යුරෝ - නිෂ්කාශන ක්‍රමය (Euroclear) උපකාරී වේ. ඒ අනුව, විවිධාංගීකරණය වූ ආයෝජන පදනමක් නිර්මාණය කරමින් විදේශීය ආයෝජකයන් හට රජයේ සුරැකුම්පත් වෙළඳ පොළට සෘජු හා බාධාවකින් තොර ප්‍රවේශයක් සලසාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් සඳහා යුරෝ - නිෂ්කාශන (Euroclear) පහසුකම ලබාගැනීමට අවශ්‍ය දේශීය නීතිමය හා නියාමන රාමුවක් ස්ථාපනය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.