• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නවීන නවජ (Neonatal) ළදරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති 'ද සොයිසා කාන්තා රෝහල' මඟින් මාතෘ, ප්‍රසව හා නාරිවේද, මඳසරු බව, ළදරු සත්කාර සහ පවුල් සැලසුම් සම්බන්ධ වෛද්‍ය සේවාවන් සලසා දෙනු ලැබේ. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි අපේක්ෂයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම සඳහා ද එම‍ රෝහල දායක වේ. ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන දරු උපත් සංඛ්‍යාව මෙන්ම සංකූලතා හේතුවෙන් වෙනත් රෝහල්වලින් මාරු කර එවනු ලබන මව්වරුන් හා ළදරුවන් සංඛ්‍යාවද ඉහළ අයගයක් ගන්නා බැවින්, එම රෝහලේ නොමේරූ ළදරු ඒකකය (PBU) සහ විශේෂ සත්කාර ළදරු ඒකකය (SCBU) වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින අතර ඒ සඳහා අරමුදල් සලසා ගැනීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, ද සොයිසා කාන්තා රෝහලෙහි නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු විශේෂඥතා මධ්‍යස්ථානයක් ප්‍රංශ රජයේ ආධාර යටතේ එම රෝහල තුළ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.