• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහල සියලු පහසුකම්වලින් සමන්විත නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
- මෙරට සෞඛ්‍ය සත්කාරක සේවා පද්ධතියේ විශිෂ්ටතම මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි, ඇඳන් 3,382කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල දීර්ඝකාලීන සංවර්ධන සැලසුමක් අනුගමනය කරමින් අංග සම්පූර්ණ නවීන රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීම කාලෝචිත වේ. මෙම සංවර්ධන ක්‍රියාදාමයේ කොටසක් වශයෙන්, කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති පහත සඳහන් අවශ්‍යතා ඉටු කිරීම පිණිස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රෝගීන්ට හා කාර්යමණ්ඩලයට පුළුල් පහසුකම් සැලසෙන පරිදි පැරණි වික්ටෝරියා ගොඩනැඟිල්ල හා බණ්ඩාරනායක ගොඩනැඟිල්ල නවීකරණය කිරීම.

බාන්ස් පෙදෙසෙහි පිහිටි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සහ අංක 93හි පිහිටි හෙද නිල නිවාස නවීකරණය කිරීම.