• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා වනජීවී - මිනිස් සංහිඳියාව ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි සහාය ලබාගැනීම
- ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා වනසත්ත්ව - මිනිස් සංහිඳියාව පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ කාර්යයට ශ්‍රී ලංකා බලදක්ෂ ව්‍යාපාරය හා ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය දායක කරගැනීම සඳහා වන පුහුණු වැඩසටහනක්, අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව සමඟ ඒකාබද්ධව වසර තුනක (03) කාලයක් තුළ ශ්‍රී ලංකා වනජීවී භාරයේ රන්දෙණිගල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.