• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනඅලින්ගෙන් සිදු වන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ පුද්ගල ජීවිත හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදල ඉහළ නැංවීම
- වනඅලි පහරදීමක් හේතුවෙන් පුද්ගල මරණයක් සිදුවීම නිසා එම තැනැත්තාගෙන් යැපෙන්නන් අසරණ තත්ත්වයට පත්වේ. එවැනි අවස්ථාවක, මියගිය පුද්ගලයාගෙන් යැපෙන්නන් වෙත සාධාරණ වන්දි මුදලක් ගෙවීමෙන් යම් තරමක හෝ සහනයක් සැලසේ. එසේ හානියට පත් වන පුද්ගලයන් වෙනුවෙන් සහ නිවාස හා දේපළ හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදල් සීමාවන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය විසින් මෑතක දී අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. වනඅලින්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවනු ලබන ක්‍රමවේදය තවදුරටත් සංශෝධනය කරමින්, වනඅලි පහරදීමක් හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක් හෝ පූර්ණ බෙලහීනතාවක් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් 200,000/- සිට රුපියල් 500,000/-ක් දක්වා ඉහළ නැංවීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.