• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහජන ආරක්ෂාව තර කිරීම හා ත්‍රස්තවාදී මර්දන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ජපානයෙන් ප්‍රදාන ආධාර ලබා ගැනීම
- ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිණිස ජපාන රජය විසින් වාර්ෂිකව විවිධ ආධාර යෝජනා ක්‍රම යටතේ ශ්‍රී ලංකාව වෙත ප්‍රදාන ආධාර සලසා දෙනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව වැඩිදියුණු කිරීම පිණිස සහ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම පිණිස 2016/2017 මූල්‍ය වර්ෂය තුළ ජපාන යෙන් මිලියන 250ක (රුපියල් මිලියන 327ක් පමණ) වටිනාකමකින් යුතු ජපාන නිෂ්පාදන, ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ සලසා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ජපාන යෙන් මිලියන 250ක ප්‍රදාන ආධාර ලබාගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.