• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන ඉඩම් හිමියන්ට ගෙවනු ලබන අමතර වන්දි මුදල ගෙවීම කඩිනම් කිරීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන පවුල් සඳහා ඔවුන්ගෙන් අත් කරගනු ලබන ඉඩම්වල තක්සේරු වටිනාකමට අමතරව 50%ක වන්දි මුදලක්, 2016-2019 වසර 04ක කාල පරිච්ඡේදය තුළ කොටස් වශයෙන් ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. ජලාශයට යටවන ඉඩම්හිමියන්ට ඇති වී තිබෙන දුෂ්කරතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු සැලකිල්ලට ගෙන, එම අමතර වන්දි මුදල, 2017-2018 දෙවර්ෂය තුළ සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.