• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාබනික පොහොර නිෂ්පාදනය කිරීම, ශීතාගාර ස්ථාපිත කිරීම හා විදුලිබල ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
- ආහාර භෝග නිෂ්පාදනයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම දිරි ගැන්වීම, එළවළු හා පලතුරු කල් තබා ගැනීම, කසළ කළමනාකරණය, විකල්ප බලශක්ති ජනනය කිරීම යන ඉහළ ප්‍රමුඛත්වයක් දිය යුතු අභියෝග එක්ව ගෙන විසඳුම් ලබා දෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් මෙරට සමාගම් කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ජර්මානු සමාගමක් ඉදිරිපත්ව සිටී. මෙම ආයෝජනය යටතේ මහනුවර නගර සභාවේ කසළ කළමනාකරණ අංගණය ආශ්‍රිතව කසළ මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ඒකකයක් පිහිටුවීමට අපේක්ෂිත අතර, පළමුවන වර්ෂය තුළදී ඉන් නිපදවනු ලබන කාබනික පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගමට නොමිලේ සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ය‍ටතේ පුනර්ජනනීය විදුලිබලය මෙගා වොට් 6 - 10 ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත අතර, ගබඩා කිහිපයක් ඉදි කිරීම මඟින් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය අවම කරගැනීමටද බලාපොරොත්තු වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.