• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.)සඳහා නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීම
- වර්තමානයේ පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂම සහ විශ්වාසදායක නොවීම හේතුවෙන් ජනතාවගෙන් වැඩි දෙනෙක් සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන මාධ්‍යයන් වෙනුවට පෞද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වති. මෙම තත්ත්වය නාගරික වාහන තදබදය හා අනතුරු සංඛ්‍යාව ඉහළ යාමටත්, වායූ දූෂණයට මෙන්ම ‍ඉන්ධන ආනයන වියදම අධික වීමටත් හේතු වී ඇත. කාර්යක්ෂම, විශ්වාසනීය හා සුවපහසු පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම මඟින් පෞද්ගලික වාහන භාවිත කරමින් නගරයට පැමිණෙන ‍ෙබාහෝ දෙනෙකු පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කරගත හැකි වේ. එමෙන්ම, දුම්රිය හා බස් සේවාවන් නිශ්චිත කාලසටහන් අනුව ඒකාබද්ධ කිරීම මඟින් පොදු ප්‍රවාහන සේවා පද්ධතිය සමස්තයක් ලෙස වැඩිදියුණු කිරීමද අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ ඇණිය නවීකරණය කිරීම සඳහාත්, ධාවන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාම සඳහාත් ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, උස් පසුපස ආසන ඇන්ද සහිත, ආසන 40 - 46 (2x2) නව මගී බස්රථ 900ක් හා වායු සමීකරණය කරන ලද පතුල පහත් සුඛෝපභෝගී බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.