• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපො‍ෙළ් සේවයේ යෙදවීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් සපයා ගැනීම
- ගුවන් මගීන්, කාර්ය මණ්ඩල, මෙහෙයුම් කාර්ය මණ්ඩල හා පොදු මහජනතාව ඇතුළු සිවිල් ගුවන් සේවාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම සෑම රාජ්‍යයකම කාර්යභාරයක් වේ. එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් වශයෙන්, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් හා නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගත හැකි පුරුදු පුහුණු කළ සුනඛයින් හා මෙහෙයවන්නන් යෙදවීම ඉතා ප්‍රයෝජනවත් වේ. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින්, සුනඛ පැටවුන් 20 දෙනෙකු මිල දී ගෙන, පුහුණු කර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා ආරක්ෂක කටයුතුවල යෙදවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.