• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා 2017 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 17,555ක මුළු මුදලකට සැපයුම්කරුවන් 28 දෙනෙකු වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.