• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් රෝහල වැඩිදියුණු කිරීම
- 1911 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති ශ්‍රී ලංකා පොලිස් රෝහල, ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට හා විශ්‍රාමික පොලිස් නිලධාරින්ට ප්‍රමාණවත් වන පරිදි සෞඛ්‍ය පහසුකම් සැලසිය හැකි ආකාරයට වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පොලිස් රෝහල, නවීන පහසුකම්වලින් සමන්විත රෝහලක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එම රෝහල ඉදිරිපිට පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත්, රූඩ් 02 පර්චස් 23.5ක ප්‍රමාණයකින් යුත් ඉඩම, ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.