• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම
- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසින් එම අධිකාරිය මඟින් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයන්හි ක්‍රීඩා පහසුකම් ඉතාම සහන මිල ගණන් යටතේ සපයනු ලැබේ. ඉන් ලැබෙන ආදායම එම ක්‍රීඩා සංකීර්ණයන් නිසි පරිදි නඩත්තු කිරීම සඳහා යොදවනු ලැබුවද, ඒවායේ වර්තමාන ආදායම ඒ සඳහා ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව, එම ක්‍රීඩා සංකීර්ණයන් නඩත්තු කිරීමට හා ක්‍රීඩා පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට හැකි වන පරිදි, ක්‍රීඩා ඉසව් සඳහා අදාළ ක්‍රීඩා සංකීර්ණයන් පරිහරණය නොකරනු ලබන අවස්ථාවන්හිදී කලා කටයුතු, සම්මන්ත්‍රණ, විභාග හා එවැනි ආදායම් ලැබිය හැකි කටයුතු සඳහා පරිහරණය කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්, වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධන ඇතුළත් කරමින් 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.