• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මුද්දර සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය විදේශීය මුද්දර එකතු කරන්නන් වෙත අලෙවි කිරීම
- 1967 වර්ෂයේදී පිහිටුවන ලද මුද්දර කාර්යාංශය මඟින් දේශීය සහ විදේශීය මුද්දර එකතු කරන්නන් සඳහා මුද්දර සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. විශේෂයෙන් මුද්දර එකතු කරන විදේශිකයන් හට මුද්දර අලෙවි කිරීම තුළින් විදේශ විනිමය උපයාගත හැකි අතර, මුද්දර තුළින් නිරූපිත මෙරට පරිසරය, සොබාදහම, පුරාවිද්‍යා ස්ථාන, වන සතුන්, කුරුල්ලන් පිළිබඳ දර්ශන හේතුවෙන් විදේශීය මුද්දර එකතු කරන්නන් සංචාරකයන් ලෙස මෙරටට පැමිණීමේ ප්‍රවණතාවක් ද පවතී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුද්දර විදේශිකයන් වෙත හඳුන්වා දෙන හා අලෙවි කරන විදේශීය නියෝජිතයින් සිටීම අවශ්‍ය වන අතර, එවැනි නියෝජිතයින් පත් කරගැනීම සහ ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.