• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශපාලන හේතුන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීම
- විවිධ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරින් වෙත සහන සැලසීමේ අරමුණින් නිකුත් කරන ලද, 2015‑04‑17 දිනැති 09/2015 අංක දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධාන පරිදි අභියාචන 31,666ක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී තිබේ. ඉන් අභියාචනා 23,093ක් පිළිබඳ නිර්දේශ අදියර තුනක් (03) යටතේ දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එම නිර්දේශ ක්‍රියාත්මක කරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහි සිව්වන (04) අදියර වශයෙන් ඉදිරිපත් වී ඇති, ඉතිරි අභියාචනා 8,573න් අමාත්‍යාංශ හයකට (06) අදාළ අභියාචනා 3,440ක් සම්බන්ධ නිර්දේශ අදාළ පරිපාලන බලධාරින් මඟින් ක්‍රියාත්මක කරවීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.