• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙළඳ පොළ තුළ පොල් මිල පාලනය කිරීම
- 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ ජනවාරි - ‍අගෝස්තු කාල සීමාව තුළ 13.9%කින් පමණ දේශීය පොල් අස්වැන්න අඩු විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය විසින් පුරෝකථනය කර ඇති අතර ඒ හේතුවෙන් පොල් මිලෙහි තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව පෙනී ගොස් ඇත. එබැවින්, දේශීය පොල් තෙල් නිෂ්පාදනය සඳහා වන ගෙඩි පොල් ඉල්ලුම අඩු කිරීම මඟින් දේශීය වෙළඳ පොළෙහි පොල් මිල ඉහළයාම අවම කර පොල් වගාකරුවන්ට මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ටද හිතකර වන පරිදි දේශීය පොල් මිල ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම පිණිස කෙ‍ටිකාලීන උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ අනුව, මාස හතරකට (04) අවශ්‍ය ඛාද්‍ය තෙල් මෙට්‍රික්ටොන් 40,000ක් පමණක් ආනයනය කිරීමට හැකි වන පරිදි පහත සඳහන් අන්දමට විශේෂ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i පොල් තෙල් කිලෝග්‍රෑම් එකක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 150/- සිට රුපියල් 130/- දක්වා අඩු කිරීම

ii පිරිසිදු නොකළ පාම් තෙල්/පොල් තෙල් කිලෝග්‍රෑම් එකක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 130/- සිට රුපියල් 110/- දක්වා අඩු කිරීම

iii පාම් මද හා පිරිපහදු කළ පාම් තෙල්වල විශේෂ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකකට 150/- සිට රුපියල් 130/- දක්වා අඩු කිරීම