• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියපත් හා රෝගී කලාකරුවන්ට සහන සැලසීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල වැඩි කිරීම
- තම ජීවිත කාලය කලාව වෙනුවෙන් කැප කරමින්, කලා ක්ෂේත්‍රය උදෙසා විශිෂ්ට සේවාවක් සිදු කළ වියපත් හා රෝගී කලාකරුවන් අතරින් අඩු ආදායම්ලාභී කලාකරුවන්ට සහනයක් සැලසීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආධාර ක්‍රමය යටතේ එම කලාකරුවන් සඳහා දැනට වාර්ෂිකව ලබා දෙනු ලබන රුපියල් 5,000/-ක ආධාර මුදල, රුපියල් 10,000/- දක්වා වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම ආධාර මුදල් පිරිනැමීම සඳහා අඩු ආදායම්ලාභී කලාකරුවන් තෝරා ගනු ලබන ක්‍රමවේදය අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම ක්‍රම‍වේදය සැලකිල්ලට ගන්නා ලදී.