• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ වැඩසටහනක් සහ ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ කමිටුවක් පිහිටුවීම
- ගිවිසුම්ගත රාජ්‍යයන් අතර ගුවන් යානා මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම මෙන්ම, ආගමන, නිරෝධායන, රේගු සහ නිෂ්කාශන නීති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට විධිවිධාන යෙදීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන් 452ක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියේ දක්වා ඇති අතර ඒවාට අනුගත වෙමින් එකී ප්‍රමිතීන් හා නිර්දේශිත පරිචයන් දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියට පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකා රජයද බැඳී සිටියි. ඒ අනුව, එම ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් 'ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ කමිටුවක්' (National Air Transport Facilitation Committee - NATFC) පත් කිරීමටත්, 'ජාතික ගුවන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ වැඩසටහනක්' (National Air Transport Facilitation Programme - NATFP) සකස් කර ක්‍රියාත්මක කිරීමේ වගකීම එකී කමිටුවට පැවරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.