• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ස්වශක්ති' ජාතික වැඩසටහන
- රැකියා අවස්ථා මිලියනයක් ඇති කිරීම උදෙසා 'ස්වශක්ති' ජාතික වැඩසටහන නමින් වැඩසටහනක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ අරමුණින් නව ව්‍යවසායන් 25,000ක් ඇති කිරීම ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකු හා වාණිජ බැංකු මඟින් ණය පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. මෙමඟින් සාර්ථක ව්‍යාපාරික සැලසුම්වල යෝග්‍යතාව සැලකිල්ලට ගෙන රුපියල් 250,000/-ක උපරිමයකට යටත්ව මූල්‍යමය පහසුකම් සලසා දෙනු ඇති අතර, එහිදී නව ව්‍යවසායකයන් සඳහා රුපියල් 50,000/-ක මූල්‍යමය ප්‍රදානයක් සමඟ රුපියල් 200,000/-ක ණය මුදලක් ලබා දීමට යෝජිතය. ඒ අනුව, මෙම ණය / ප්‍රදාන යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.