• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ රඹකැන් ඔය විශේෂ ආර්ථික බල ප්‍රදේශයේ ජීවත්වන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින්, ඔවුන්ට වැඩි ආදායමක් ලබා දීමේ අරමුණින් වගා ඉඩම් ලබා දෙමින් සීනි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් වන මෙහි ව්‍යාපෘති යෝජනාව අනුව ව්‍යාපෘතියේ මුළු විදේශ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 152.25ක් වන අතර ඒ යටතේ වාර්ෂිකව සීනි මෙට්‍රික් ටෙ‍ාන් 80,000ක් නිපදවීමටත්, සෘජු රැකියා අවස්ථා 1,000ක් හා වක්‍ර රැකියා අවස්ථා 75,000ක් පමණ ඇති කිරීමටත් සැලසුම් කර ඇත. එසේම සත්ත්ව ආහාර හා කාබනික පොහොර යන අතුරු නිෂ්පාදන නිපදවීමටත්, මෙගාවොට් 20ක පමණ විදුලිය නිපදවීමේ උප ව්‍යාපෘතියක් ඇරඹීමටත් සැලසුම් කර ඇත. බිබිල සහ මැදගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද ඇතුළත් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඉදිරිපත්ව තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.