• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- ක්‍රීඩා අංශය තුළ දෙරට විසින් සුවිශේෂ ජයග්‍රහණ අත් කරගනු ලැබ ඇති කැපී පෙනෙන විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන, එතුළින් දෙරටෙහි ක්‍රීඩාවේ උන්නතිය සඳහා වන සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර අත්සන් තැබීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.