• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීම
- ගුරු උපදේශක තනතුර 1962 වර්ෂයේ සිට මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අතර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමෙහිලා ගුරු උපදේශකවරුන් විසින් කැපී පෙනෙන සේවයක් ඉටු කරනු ලබයි. මෙම ගුරු උපදේශකවරුන්ගේ සේවය විධිමත්ම ලබාගැනීමේ අරමුණින් 'ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය' යනුවෙන් නව සේවාවක් ස්ථාපිත කිරීමටත්, දැනට ගුරු උපදේශකවරුන් වශයෙන් සේවය කරනු ලබන ගුරුවරුන් නව සේවාවට අන්තර්ග්‍රහණය කිරීම පිණිස පියවර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.