• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුහල්පතිවරුන් සඳහා ලබා දෙනු ලබන විශේෂ දීමනාව සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළමනාකරණයේ වැදගත් භූමිකාවක් විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන අතර කිසියම් පාසලක සාර්ථකත්වය එම පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂම සහ විධිමත් කළමනාකරණ ශෛලීය මත රඳා පවතී. දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන සංකීර්ණ වූත්, වගකීම් සහිත වූත් කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින්, විදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.