• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
- අස්වනු නෙළන සමයේ අතිරික්ත අස්වැන්නක් ලැබීම හේතුවෙන් සිදු වන වෙළඳ පොළ මිල පහත වැටීම මඟ හරවා ගනිමින්, තම කෘෂි අස්වැන්න ගබඩා කරගැනීම සඳහා උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් ගොවීන්ට සැලසීමේ අරමුණින්, කිලිනොච්චිය, රත්නපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 03ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඉන් කිලිනොච්චිය හා රත්නපුර ගබඩා සංකීර්ණ දෙකෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත වර්ග අඩි 28,500ක් පමණ වන ගබඩාව සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.