• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහල් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අත් හැරීම
- වෙළඳ පොළෙහි සහල් මිල ඉහළ යාම පාලනය කරමින්, දේශීය වෙළඳ පොළ වෙත ප්‍රමාණවත් පරිදි සහල් සැපයීම සහතික කිරීමේ අරමුණින්, ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා මේ දක්වා පනවනු ලැබ තිබූ රුපියල් 15/-ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, 2017 ජනවාරි මස 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 05/-ක් දක්වා අඩු කිරීම සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමය ඇතුළත්, 2003/43 අංක දරන 2017-01-27 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.