• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර, රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
- කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, රජය සතු සමාගමක් වන, මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CECL) වෙත පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.