• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කණු මත ඉදි කරනු ලබන, වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘති‍ෙය් උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන කණු මත ඉදි කරනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ඉදිකිරීමේ ව්‍යාපෘති‍ය සඳහා උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.