• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාර්ක් (SAARC) සංවිධානයට අයත් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08 වෙනි රැස්වීම සහ ලේකම්වරුන්ගේ හා ආගමන බලධාරින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- සාර්ක් සංවිධානයට අයත් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08වෙනි රැස්වීම සහ එයට පූර්වගාමීව පැවැත්වෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීම හා සාර්ක් රටවල්වල ආගමන බලධාරින්ගේ මීළඟ රැස්වීම, ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත්, ඒ සඳහා සත්කාරකත්වය දැරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.