• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් උදෙසා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය කිරීම
- විවිධ හිංසාකාරී සිදුවීම්වලට මුහුණපාන, ඉන් රැකවරණයක් ලැබීමේ අවශ්‍යතාව සහිත කාන්තාවන්ට නෛතික සහාය, උපදේශනය හෝ වෙනත් සේවාවන් ලබා දීමට අතිරේකව සහන මධ්‍යස්ථාන/තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. යාපනය, මඩකලපුව, මුලතිව් හා රත්නපුරය යන දිස්ත්‍රික්කයන්හි රජය විසින් තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කරනු ලැබ ඇති නමුත් සුදුසුකම්ලත් සම්පත්ධාරීන්ගේ ඌනතාව හේතුවෙන් ඒවායේ පරිපාලන කටයුතු මෙතෙක් ආරම්භ කරනු ලැබ නොමැත. ඒ අනුව මෙවැනි තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අත්දැකීම් සහිත රාජ්‍ය නොවන සංවිධාන හවුල් කරගනිමින් යාපනය, මඩකලපුව, මුලතිව් හා රත්නපුරය යන දිස්ත්‍රික්කවල පිහිටි රජයේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටත්, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාලනය කරනු ලබන, කොළඹ හා මාතර දිස්ත්‍රික්කයන්හි පිහිටි තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා රජයේ අනුග්‍රහය ලබා දීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.