• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පුහුණුව
- මහා පරිමාණ ඉදි කිරීම් ව්‍යාපෘතිවල දිනෙන් දින වැඩිවෙමින් පවතින අවශ්‍යතා ඉටු කිරීම සඳහා යොදා ගැනෙන ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමට හා නඩත්තු කිරීමට පුහුණුව ලත්, දැනුමින් සන්නද්ධ කාර්මික ශිල්පීන්ගේ සහාය අවශ්‍ය වේ. මෙවැනි කාර්මික ශිල්පීන් සඳහා දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළෙහි වැඩි ඉල්ලුමක් පවතින අතර, ඔවුන් පුහුණු කිරීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය (CETRAC) මඟින් ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පීන් පුහුණු කිරීමේ තුන් අවුරුදු පූර්ණකාලීන පාඨමාලාවක් (NVQ 4 මට්ටමේ) පැවැත්වීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.