• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම
- මහජන බැංකුවේ මූල්‍යමය ස්ථාවරත්වය සහ මෙහෙයුම්වල ඵලදායීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය ඇපවීමකින් තොරව බලයලත් කොටස් ප්‍රාග්ධනය වැඩි කරගැනීමට හා ණයකර නිකුත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින්, 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 12, 20, 21 හා 43 අදාළ වගන්ති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.