• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා සහ කන්තලේ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශද, පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයද ඇතුළත් වන පරිදි, ඉඩම් අක්කර 4,000ක් සඳහා යල හා මහ යන දෙකන්නයේදීම වාරි ජලය සැපයීමේ අරමුණින්, රුපියල් මිලියන 6,250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් 'මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.